ඇමරිකාවේ වේල්ලක් බිඳීයාමේ අවදානම නිසා ලක්ෂ 2 ක් අවතැන්වේ

මේ වනවිට ජලය පිටාර ගලමින් පවතින ඇමරිකාවේ වඩාත් උසම වේල්ල බිඳී යාමේ අවදානමක් පවතින හෙයින් උතුරු කැලිෆෝනියාවේ වෙසෙන ලක්‍ෂ දෙකකට ආසන්න ජනතාවට තම නිවෙස්වලින් පිටවී ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම්දී ඇත.
අඩි 770ක් (මීටර් 23ක්) උස
ඔරෝවිල් වේල්ල බිඳී ගියහොත් එයට පහළින් ඇති ප්‍රදේශ වල ඇති නගර යටවී යාමේ තර්ජනයක් පවතින හෙයින් ආරක්ෂා සහිතව ජලය අඩුකිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තාවේ.
මේ වන විට අමතර ජලය පිටාර ගැලීම නැවතී තිබුණද කලිෆොනියාවේ ආණ්ඩුකාරවරයා පැවසුවේ ඉරිදා රාත්‍රිය වන විටත් ජනතාව ඉවත්කිරීමේ නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක වෙමින් තිබූ බවය.
වසර ගණනාවක් පැවති නියඟය අවසන් කරමින් ඇද හැලුණු අධික වර්ෂාව සහ හිමපතනය හේතුවෙන් වේල්ලේ ජල මට්ටම ඉහළ ගිය බව වාර්තාවේ.
වසර 50 ක ඉතිහාසය තුළ ඔරෝවිල් ජලාශයේ හදිසි වාන් දැමීමක් සිදුවූ පළමු අවස්තාව මෙය බවට සැලකේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment