පකිස්තානයේ වැලන්ටයින් දිනය සැමරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම කෙරේ

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ඊයේ ලබාදුන් ශ්‍රේෂ්ටාධිකරණ තීන්දු ප්‍රකාරව අද (14)ට යෙදෙන පෙම්වතුන්ගේ දිනය (වැලන්ටයින් ඩේ) සැමරීම තහනම් කර ඇත.
මෙයට හේතුව ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටියේ මුස්ලිම් සංස්කෘතියට පටහැනි ක්‍රියාකාරකම්
වැලන්ටයින් දිනයේ

සිදුවන නිසා එය පාකිස්තානයට නොගැළපෙන සැමරීමක් ලෙස නම් කරන ලෙසයි.
ඊයේ සඳුදා අධිකරණය දන්වා සිටියේ එය පිළිගත හැකි බවය. ඒ අනුව එරට සියලුම මාධ්‍ය වෙත අධිකරණයෙන් දන්වා සිටියේ පෙම්වතුන් දින ප්‍රවර්ධනය වහාම අත්හිටුවන ලෙසය. එරට පරිපාලන අමාත්‍යංශ හා පොලිසිය වෙතද මෙම නියෝගය නිකුත් කළේ එවැනි ක්‍රියාකාරකම් සිදුකරන අය අත්අඩංගුවට ගන්නට අවසර දෙමිනි.
පාකිස්තානයේ වැලන්ටයින් සැමරුම මින් ඉහත වසරවලදීත් විවිධ බාධා මැද සිදු කර තිබුණි. පසුගිය වසරේ එරට ජනපතිවරයා සැමරීම නවත්වන්නැයි ජාතිය අමතා ඉල්ලා තිබුණ අතර විරෝධතා ව්‍යාපාරද පැවැත්විණි. අධිකරණය මගින් මෙවැනි සැමරුමක් එරට නවතා දැමූයේ පළමු වතාවටය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment