කුමාර් ගුණරත්නම් යළි මධ්‍යම කාරක සභාවට 

කුමාර් ගුණරත්නම් යළි මධ්‍යම කාරක සභාවට 

ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කුමාර් ගුණරත්නම් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යළි නම් කර තිබේ. 

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ(01) පැවැති එම පක්ෂයේ දෙවන ජාතික මහ සමුළුවේදී මෙම තීරණය ගෙන ඇත.

පසුගිය වසරේ පැවැති පළමු ජාතික සමුළුවේදී කුමාර් ගුණරත්නම් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට නම් කෙරුණු නමුත්, ඔහු ඒ වන විට පැහැර ගැනීමකට ලක්ව තිබිණි.

ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කෑගල්ල - අගුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ සිටියදී කුමාර් ගුණරත්නම් මහතා පසුගිය වසරේ නොවැම්බර් 4 වන දා අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව ඔහුට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසරක සිර දඬුවමක් නියම කෙරිණි. 

තාවකාලික වීසා මත මෙරට රැදී සිටීමට ඔහුට මේ වන විට අවසර හිමිව ඇති අතර, පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් ඔහු මේ වන විට අයදුම්පතක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment