මෛත්‍රී - මහින්ද එක්ව ඉදිරි ගමනක්: 2020දී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් 

මෛත්‍රී - මහින්ද එක්ව ඉදිරි ගමනක්: 2020දී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් 

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිසන්ධාන කටයුතු මේ වන අවසන් වී ඇති බවත් 2020 වන විට තම එකම අරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පත් කිරීම බවත් බස්නාහිර පළාත් කෘෂිකර්ම අමත්‍ය ගාමිණි තිලකසිරි මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ(01) අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

ඒ අනුව අනාගතයේ දී ගුරුවරු, තරුණයින්, වෘත්තීයවේදීන්, කලාකරුවන් යන සෑම කණ්ඩායමක්ම එක් කර මෙම වෙනස කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය දා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ රැළියට ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් පැමිණි බවත් නමුත් සිදුවිය යුත්තේ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්‍ෂ මහතාත් එක්ව මෙම ගමන ඉදිරියට ගමන් කරවීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment