සයිටම් තීන්දුවට එරෙහි දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්‌


මාලබේ සයිටම් ආයතනය විසින් පිරිනමන වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල කිරීම සඳහා බලධාරීන් විසින් ගන්නා ක්‍රමවේදයට එරෙහිව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්‌ කිරීමට වෛද්‍යවරු සූදානම් වෙති.මෙම වර්ජනය සඳහා දින නියම
කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්‌වීමට නියමිතය.
මේ සම්බන්ධව දිවයින පුරා ඇති තම ශාඛා සංවිධානවල අදහස්‌ ඊයේ දිනය තුළ විමසූ බවද බහුතරයක මතය වී තිබෙන්නේ ගත හැකි උපරිම පියවර ගත යුතු බව යෑයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට කීවේය.
ඒ අනුව අද රැස්‌වන මධ්‍යම කාරක සභාව විසින් ගන්නා තීරණය අනුව එක්‌ දින වැඩ වර්ජනයක්‌ හෝ අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දිවයිනේ සෑම රජයේ රෝහලකම ආරම්භ කරන බව හෙතෙම කීවේය.
වෛද්‍ය වර්ජනයට යැමට අමතරව
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන්ට ලියාපදිංචිය ලබා දීමට ගෙන ඇති තීන්දුවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම රැස්‌වීමේදී සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව ඔහු කීවේය.
අභියාචනාධිකරණය විසින් පෙරේදා (31 දා) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අධ්‍යයනය කර එයට අදාළ විශේෂඥ නීතිමය උපදෙස්‌ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා ගනිමින් සිටින බව කී හෙතෙම දිවයින පුරා පිහිටි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා 112 ක ඊයේ මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වුණු බව අවධාරණය කළේය.
හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පිළිගැනීමක්‌ ලබා නොදෙන බව ලිතව ප්‍රකාශකර තිබියදී වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු වෙත 2015 වසරේදී භාර දෙනු ලැබූ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙහි අඩුපාඩු ඇතුළු වෙනත් කරුණු පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභා වාර්තාව මත පදනම්ව අධිකරණය ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත් කිරීමට හෝ පියවර නොගත් බව වෛද්‍ය සංගමය කියා සිටී.

(අජිත් අලහකෝන් - ඒමන්ති මාරඹේ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment