කොළඹ ස්ථාන ගණනාවකදී මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය අද කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට නියත ආඥාවක් නිකුත් කළේ ය.
කැලණි වෛද්‍ය පීඨය
ඇතුළු ශිෂ්‍ය සංගම් 15ක් කොටුව දුම්රිය ස්ථානය, ලිප්ටන් වටරවුම, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන කිහිපයකදී අද පස්වරු 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානමක් ඇති බබවට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියත අඥාව නිකුත් කර තිබේ.
මෙම උද්ඝෝෂණය සැලසුම් කර ඇත්තේ, අභියාචනාධිකරණය පසුගිය දා සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව ය.
ඒ අනුව මහජනතාවට හිරිහැරයක් වන පරිදි කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේ ය.
නියත අඥාවක් නිකුත් කිරීමෙන් පසු එය කඩ කරන ඔනෑ ම අයෙක් කිසිදු වග විභාගයකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකණය ට හමුවට ඉදිරිපත් කිරීමට පොලීසියට බලය හිමි වේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment