පෙරටුගාමී කුමාර්ට ලංකාවේ පුරවැසිබව නැවත ලැබෙයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ඊයේ (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබී තිබේ. ආගමන විගමන
දෙපාර්තමේන්තුව
විසින් ඔහුට ඒ බව ලිපියකින් කුමාර් ගුණරත්නම් මහතාට ලබාදී තිබේ.
ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ඔහු වසරක සිර දඬුවමක්ද විදීය. එහිදී පෙරටුගාමී පක්ෂය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපට සත්‍යග්‍රහයක් පවත්මින් සඳහන් කළේ කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන ලෙසයි.
කුමාර් ගුණරත්නම්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයද හිමි අතර මාස තුනක් ඇතුළත එය ඉවත්කර ගන්නා ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කුමාර් ගුණරත්නම් මහතාට දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment