අතුරුගිරිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සිදුකිරීම සඳහා අදාළ කාන්තාව විසින් අධාර අනුබලදීමේ චෝදනා මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
පසුගිය ජනවාරි 17 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරිණි.
අත්අඩංගුවට ගත් සැකකාරිය 41 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය අද (7) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරෙකු වූ පුද්ගලයෙකි.
0 comments :
Post a Comment