පෙරටුගාමී පක්‍ෂය වෙනස් වෙයි

පෙරටුගාමී පක්‍ෂය වෙනස් වෙයි

පෙරටුගාමී පක්ෂය නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගෙන තිබේ.

ඒ අනුව පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා තෝරාපත්කරගෙන ඇති අතර සංවිධායක ලේකම් වශයෙන් කුමාර් ගුණරත්නම් මහතා, පාලක ලේකම් වශයෙන් චමීර කොස්වත්ත මහතා, අධ්‍යාපන ලේකම් වශයෙන් පුබුදු ජයගොඩ මහතා, ප්‍රචාරක ලේකම් වශයෙන් දුමින්ද නාගමුව මහතා හා මුදල් ලේකම් වශයෙන් විමල් වත්තුහේවා මහතා යන අය පත් කර‍ගෙන තිබේ.

සෙසු මධ්‍යමකාරක සභිකයන් ලෙස රංජිත් ශාන්ත, රවීන්ද්‍ර මුදලිගේ, ජූඩ් සිල්වාපුල්ලේ, ඉන්ද්‍රානන්ද ද සිල්වා, සුජිත් කුරුවිට, ප්‍රියන්ත කලුආරච්චි, චන්ද්‍රසිරි නන්දගේ, විපුල හේමන්ත කුමාර යන මහත්වරු පත්ව සිටිති.

ප්‍රචාරක ලේකම් තනතුර මීට පෙර පුබුදු ජයගොඩ මහතා විසින් දරන ලද අතර, මීට පෙර කුමාර් ගුණරත්නම් මහතාට අදාළව නිල තනතුරක් නොතිබිණ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment