රියදුරන්ට තවත් නීතියක් - ජූනි පළමු වැනිදා සිට ක්‍රියාත්මකයි

රියදුරන්ට තවත් නීතියක් - ජූනි පළමු වැනිදා සිට ක්‍රියාත්මකයි

ජූනි පළමු වැනිදා සිට බස් රියදුරන් ලෙස සේවය කිරීමට අවසර ලබා දෙන්නේ රියදුරු බලපත්‍රය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුව ලබා දෙන සහතිකය ලැබු රියදුරන්ට පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කියයි.

මෙය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පෞද්ගලික අංශ දෙකටම අදාළ බවද ඒ මහතා පෙන්වා දෙයි.

රියදුරු බලපත්‍රයට අමතරව සෑම මඟී ප්‍රවාහන රියදුරෙකු විසින්ම මෙම සහතිකය ලබාගැනීම අත්‍යවශ්‍ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේය.

ඉදිරියේදී පාසල් වෑන් රථ සහ ත්‍රිරෝද රථ රියදුරන් සඳහා ද මගී ප්‍රවාහන සහතිකය අනිවාර්ය කිරීමට සැලසුම් කර තිබේ.

ජුනි මස පළමු වන දින සිට ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් සඳහා මෙම සහතිකය අනිවාර්ය වන අතර අදාළ සහතිකය නොමැති රියදුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව ජගත් චන්ද්‍රසිරි මහතා පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment