විරෝධතා සහ උද්ඝෝෂණවලට එජාපයෙන් ක්‌ෂණික ප්‍රතිචාර

විරෝධතා සහ උද්ඝෝෂණවලට එජාපයෙන් ක්‌ෂණික ප්‍රතිචාර

නව ආදායම් සහ රැකියා බිහිකොට රට සංවර්ධනය කිරීමේ අරමුණින් මෙරටට ගෙන්වා ගන්නා විදේශ ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව විරෝධතා, උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒවාට ක්‌ෂණික දේශපාලන ප්‍රතිචාර දැක්‌වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණය කර ඇත.

යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙලන ඕනෑම කණ්‌ඩායමකට දේශපාලන වශයෙන් ප්‍රතිචාර දැක්‌විය යුතු බවට මෙම තීරණය එජාපය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමකදීය.

රටේ අනාගතය විනාශ කිරීමේ අරමුණින් විවිධ කණ්‌ඩායම් විසින් සංවිධාන කෙරෙන විරෝධතා අනුව ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එජාප ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment