රවිරාජ් දියණිය 'ප්‍රවීනා' දේශපාලනයට


ඝාතනයට
ලක්වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ
පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ දියණිය වන විසිපස් වියැති නීතිඥ ප්‍රවීනා රවිරාජ් මෙනෙවිය ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් දේශපාලනයට එක්වීමට යයි.
දෙමළ ජාතික සන්ධානයෙන් කරන ලද නිල ආරාධනාවකට අනුව ඇය එලෙස දේශපාලනයට එක්වීමට තීරණය කොට ඇත.

ඒ අනුව නුදුරු දිනකදී ඇය ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා වෙතින් එම පක්ෂයේ සාමාජිකත්වය ගනු ඇති බවත් ඇයට එම සන්ධානයේ තරුණ කටයුතු භාර තනතුරක් හිමිවන බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. මීළඟ මහ මැතිවරණයට තරග කිරීමට ප්‍රවීනා රවිරාජ් මෙනෙවිය අදහස් කොට ඇති බවද අනාවරණය වෙයි.

(දෙනගම ධම්මික රණවීර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment