විමල් වීරවංශ යළි රිමාන්ඩ්

විමල් වීරවංශ යළි රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමති විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (07) නියෝග කළාය.

ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරීවරයාද ලබන 20 වන දින දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ එවක‍ට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් භාවිත කළ වාහන පිළිබඳවද පරීක්ෂණයක් කළ බවයි.

ඒ මහතා ව්‍යාජ ලිපි ශීර්ෂ යටතේ වාහන 3ක් ලබා ගෙන ඇති බවත් ඒවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන මාතෘ නිවාස ඉදි කිරීම හා සංවර්ධන ක්‍රියාවලි සඳහා යොදා ගෙන ඇති බවත් ප්‍රකාශ මගින් අණාවරණය වී ඇති බවද පොලීසිය කියා සිටියේය.

එම ප්‍රකාශයට විරෝධයට පළ කළ විත්තියේ නීතීඥවරුන් මෙය පොලිස් මූල්‍ය අපරාධයේ පක්ෂග්‍රාහී භාවය පෙන්නුම් කරන්නක් බව කියා සිටියේය.

එමෙන්ම විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන නොමැති බවත් විත්තියේ නීතීඥවරු කියා සිටි අතර  එයට පිළිතුරු ලබා දුන් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ සෑම පුද්ගලයෙකුම අත්අඩංගුවට ගැනීමේදී නීති උපදෙස් අනවශ්‍ය බවයි.

පෙරදින නඩු වාරයේ දී උසාවියේ කෑ ගසමින් කලබල කළැයි රිමාන්ඩ් කරනු ලැබූ සුදේශ් ප්‍රේමලාල් ද අද අධිකරණයට රැගෙන එනු ලැබ සිටී.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment