ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් ගැන රාජිතගෙන් ඉඟියක්

ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් ගැන රාජිතගෙන් ඉඟියක්

සයිටම් ආයතනය මුවාවෙන් ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ඊයේ ක්‍රියාත්මක කරන ලද සංකේත වැඩවර්ජනය පිළිබද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය රජය සමයේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ වෙනත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ  බවයි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රියාමාර්ග අනුමත කළ හැකි වුවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රතිපත්තියක් නොමැති මෙම ක්‍රියාකලාපයන් අනුමත කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment