කැබිනට් සංශෝධනයක් ලඟදීම - මහින්දගෙන් ඉඟියක්

කැබිනට් සංශෝධනයක් ලඟදීම - මහින්දගෙන් ඉඟියක්

ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරයා තීරණය කරන සුදුසු අවස්ථාවකදී කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි බව ධීවර අමාත්‍යාංශයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

කෙසේවෙතත් කැබිනට් සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පවත්වා ඇති අතර මෙහිදී අදාළ කැබිනට් සංශෝධනය මෙම වසර අවසන් භාගයේදී ක්‍රියාත්මක කිරීමට දෙදෙනා අතර එකඟතාවක් ඇතිවී තිබේ.

මෙම කැබිනට් සංශෝධනය තම, ජනාධිපති ධුර කාලයේ ප්‍රථම භාගය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment