බුද්ධික පතිරණ විරෝධතාවයක

බුද්ධික පතිරණ විරෝධතාවයක

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(13) පෙරවරුවේ මාතරදී විරෝධතාවක නිරත විය.

මාතර රාහුල විද්‍යාල මාර්ගයේ පිහිටි සිය නිවසේ සිට පාගමනින් පැමිණි මන්ත්‍රීවරයා සුජාතා බාලික විද්‍යාලය අසලදී විරෝධාතාව ආරම්භ කළේය.

මන්ත්‍රීවරයා මෙම විරෝධාතව ආරම්භ කළේ, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ සිදුව ඇති බව කියන දුෂණ සම්බන්ධයෙන් වාහම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පවසමිනි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී සුජාතා බාලිකා විද්‍යාලයේ අංශ ප්‍රධාන ගුරුවරියක සාදයකට සහභාගී වී එන එතර මඟදී ඇගේ මෝටර් රථයෙන් තරුණයෙක් අනතුරට පත් වීම සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුව නැතැයිද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියි. 

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගත වී ඇතත් මෙවැනි ඒකාධිපතිවාදි පුද්ගලයින් පාසල් අධ්‍යාපනය තුළ සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන්ට බලකරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment