අභිරහස් ලෙස අතුරුදන්වූ උපාලි කීර්තිසේන සෙවීම ඇරඹේ


මාස ගණනාවක්‌ තිස්‌සේ අභිරහස්‌ අන්දමින් අතුරුදන්වී සිටින සිනමා සහ ටෙලි නාට්‍ය ශිල්පි උපාලි කීර්තිසේන පිළිබඳව තොරතුරු සොයා බලා වාර්තා කරන ලෙස පොලිස්‌
මූලස්‌ථානය වැලිකඩ පොලිසියට
නියෝග කර ඇත
උපාලි කීර්තිසේන දැනට මාස හතකට පමණ උඩදී සිය මිතුරන් කීපදෙනකු සමග අනුරාධපුර වන්දනාවේ ගොස්‌ සිටියදී මෙසේ අතුදරුදන්වී තිබුණි.
ඔහු අනුරාධපුරේ සිට ශ්‍රීපාදේ යන බවට මිතුරෙකුට පවසා තිබූ බව වැලිකඩ පොලිසිය මෙතෙක්‌ කෙරූ පරීකAෂණවලදී හෙළිවී ඇත.
උපාලි කීර්තිසේන අතුරුදන්වූ මොහොතේ රුපියල් ලක්‌ෂ ගණනක්‌ වටිනා රන් මාලයක්‌ සහ තවත් රන්අභරණ කීපයක්‌ තිබූ බව ඔහුගේ පවුලේ උදවිය පොලිසියට පැමිණිලි කර තිබුණි.
(නෝමන් පලිහවඩන)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment