මම රුසියාවට පැන ගියේ නෑ - මුල්ලේරියාව පොලීසියෙන් ආරක්ෂාවත් දුන්නා

මම රුසියාවට පැන ගියේ නෑ - මුල්ලේරියාව පොලීසියෙන් ආරක්ෂාවත් දුන්නා

තමා රුසියාවට ගියේ පොලිස්‌ පොතේ සටහන් කර යැයි "සයිටම්" පෞද්ගලික රෝහලේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා පවසයි.

තම වාහනයට මාලබේදී වෙඩි තැබීම පිළිබඳව කනගාටු විය යුතුව තිබියදී ඇතැමුන් තවදුරටත් වපර ඇසින් බලන බවත් මෙම සමාජය ගැන තමා කනගාටුවන බවත් හෙතෙම පුවත්පතකට අදහස් දක්වමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමීර සේනාරත්න මහතා "මම රුසියාවට ගියේ තනිවම නොවේ "සයිටම්" එකේ තවත් කීප දෙනෙකුත් මා සමග පැමිණියා. මෙම ගමන කලින් යොදාගත් එකක්‌. සිද්ධියෙන් පස්‌සේ මම රුසියාවට පැනලා ගිය බවට විරුද්ධවාදීන් ප්‍රචාරය කරනවා.

රුසියාවට යැම සඳහා මා කටුනායක ගුවන්තොටුපළට එනතෙක්‌ මට මුල්ලේරියාව පොලිසියෙන් ආරක්‍ෂාවත් සලසා දුන්නා.

මිනිහෙක්‌ කරදරයකට පත්වුණාට පස්‌සේ මඩ ගහනවා. නොයෙකුත් දේවල් කියනවා. සමාජය ගැන පුදුම කනගාටුවක්‌ දැනෙනවා.

රුසියාවට ගිය රාජකාරිය අවසන් කරලා තව දින කිහිපයකින් අපි ශ්‍රී ලංකාවට එනවා. ඕනෑම පොලිස්‌ පරීක්‍ෂණයකට මුහුණ දෙනවා." යැයි පැවසීය

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment