රාජිත හෙට හම්බන්තොට යයි

රාජිත හෙට හම්බන්තොට යයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින ගැටළු සහ අනෙකුත් අවශ්‍යතා සොයා බැලීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හෙට 13 සහ 14 යන දිනයන් හී නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය. 

එම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තංගල්ල මූලික රෝහලේ ඉදිකර ඇති ලේ බැංකුව ද විවෘත කිරීමට නියමිතය. 

හෙට (13) අම්බලන්තොට මූලික රෝහල, හම්බන්තොට මහ රෝහල, සුරියවැව මූලික රෝහල, ලුණුගම්වෙහෙර මූලික රෝහල සහ දෙබරවැව මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක්වන අතර, හම්බන්තොට මහ රෝහල සදහා නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකළ නව රෝහල ද නිරික්ෂණය කිරිමට ද නියමිතව ඇත. එදින හම්බන්තොට දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් රැස්වීමක් ද හම්බන්තොට මහ රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

ලබන අගහරුවාදා (14) තංගල්ල මුලික රෝහලේ ලේ බැංකුව විවෘත කරන අතර, ඉන් පසු තවත් රෝහල් රැසක් නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත. 

මෙම නිරීක්ෂණ චාරිකාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන් සහභාගිවීමට නියමිතය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment