රන්ජන් සටන දිනයි - අකරගම පස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම්

රන්ජන් සටන දිනයි - අකරගම පස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම්

දිවුලපිටිය අකරගම මහා පරිමාණයෙන් පස් කැපීම සිදුවූ ස්ථානයේ නැවත දැනුම් දෙන තුරු පස් කැපීම තහනම් කර තිබෙන අතර ඊට අදාළව ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිදු කළ විමර්ශනයකින් අනතුරුව ම නියෝගය නිකුත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවරයා කලුතරට මාරු කර තිබේ.

මෙසේ අවලංගු කර ඇති එක් බලපත්‍රයක හිමිකරු වන්නේ දිවුලපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගේ පියා බවද වාර්තා  වෙයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment