බෝගහක් නිසා පන්නිපිටියේ කලබලයක් - හයිලෙවල් පාර බ්ලොක්

මේ දිනවල සිදුවන පන්නිපිටිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ පන්නිපිටිය බෝධිය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර එයට වරින්වර විරෝධතා මතු විය.
කෙසේ වෙතත් අද දින මෙයට එරෙහිව විශාල ජනතා විරෝධයක් මතුව තිබේ. බෝධිය අසල මාර්ගය හරස් කරමින් මාර්ගයේ මේ පිරිස රැඳී සිටින අතර, ඒ හේතුවෙන් හයිලෙවල් මාර්ගය පන්නිපිටියෙන් අවහිර වී තිබේ.



මෙම විරෝධතාවය සඳහා සිංහලේ එකමුතුව, ගලගොඩ අත්තේ ඥාණසාරහිමි ප්‍රමුඛ පිරිස්ද සහාය දක්වා ඇත.
ඔවුනගේ තර්කය වන්නේ වසර 300 ක් පැරණි මෙම බෝධිය කපා දැමීම විජාතික ක්‍රමන්ත්‍රණයක් බවයි.

කොළඹ දෙසට පමණක් වාහන ධාවනය සිදුවන අතර, කොළඹ සිට ගමන්ගන්නා වාහන පන්නිපිටියෙන් හරවා පරණ පාරෙන් ගමන් කරවයි. ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් බුද්ධ පූජාවක් පැවැත්වෙන අතර, කැරලි මර්දන පොලීසියද එම ස්ථානයේ රැඳී සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment