අද කැලණිය දෙමටගොඩ පැය 18 ක් ජලය නෑ


කොළඹ හා අවට ප්‍රදේශවලට ජලය සපයන නල පද්ධතියේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට
(04 දා) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන්
කරයි.


ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට පසුදා අලුයම 03.00 දක්වා කාලයක් ජලසැපයුම අත්හිටුවීමට සිදුවන
බව එම පවසයි.

මේ හේතුවෙන් අදාළ කාලසීමාව තුළ බේස්ලයින් පාරේ කැලණිය පාලම අසල සිට දෙමටගොඩ හන්දිය
දක්වා හා ඊට සම්බන්ධිත සියළුම අතුරුමාර්ග, කොස්ගස් හංදිය, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත හා තොටළඟ යන
ප්‍රදේශ ආශ්‍රිතව ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment