සයිටම් අයට වෛද්‍ය සභාවෙන් විභාගයක් -නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට


මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමටත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල සායනික පුහුණුව ලබාදී  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට පෙනීසිට
සමත්වන්නන් වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යශයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
මේවාට අදාළ නෛතික අනුමැතිය ලැබුණ පසු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකතාශයට පත් කරන බව අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඊයේ නිවේදනයකින්
දන්වා සිටියාය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති බවත් ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් අඛණ්ඩව පවත්වාගෙන යන බවත්එහි දැක්වේ.  වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර සායනික පුහුණුව ලබාදීමටද තීරණය වී ඇති අතර එම පුහුණවෙන් පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයට එම ශිෂ්‍යයන්ට පෙනී සිටීමට සිදුවන බවත් නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිති පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් ඉදිරිපත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment