ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර සමුගනී


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ
වසන්ත ඔබේසේකර සමුගනී

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලා කීර්ති වසන්ත ඔබේසේකර මහතා අද (8) කොළඹ පුද්ගලික රෝහලකදී ජීවිතයෙන් සමුගත්තේය. ඔහු මියයනවිට වයස අවුරුදු 80 ක් විය.
1962 සරසවියෙන් උපාධිය ලබාගැනීමෙන් පසු 1964-1970 කාලයේ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ පුවත්පත් කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 1967
සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට

පිවිසියේය.ඔහු එහි සහාය අධ්‍යක්ෂකයා විය.

චිත්‍රපට පිටපත් රචනය හා අධ්‍යක්ෂණය දෙකෙහිම දක්ෂතා දැක්වූ හෙතෙම පසුව වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති,පළගැටියෝ, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, සලෙලු වරම, අග්නි වර්ෂා, ආගන්තුකයා හා සෙව්වන්දි වැනි නිර්මාණ රැසක් බිහි කළ අතර ඒවා ගණනාවක් සම්මානයටද භාජනය විය.

පහත පළවන්නේ මාරුතය චිත්‍රපටයේ ජවනිකාවකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment