සයිටම් විරෝධයට වහන රෝහල් ලෙඩුන්ට මගේ රෝහලෙන් සේවය නොමිලේ -වෛද්‍ය නෙවිල්

තම වෛද්‍ය පීඨයට විරෝධය පා රජයේ රෝහල් වර්ජනයක්‌ ආරම්භ කරන බැවින් තමාගේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලින් අද (7 දා) නොමිලේ හෝ රෝගීන්ට සේවාවක්‌ ලබාදීමට සූදානම් බව  "සයිටම්" වෛද්‍ය
පීඨයේ සහ
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධානී දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
‘අද ඇතැම් වෛද්‍යවරු "සයිටම්" මහා ලොකු ප්‍රශ්නයක්‌ කරගෙන. රටේ ජනතාවට අද තිබෙන්නේ "සයිටම්" ප්‍රශ්නය ද කියලා මා අහනවා. රෝහල් වර්ජනයක්‌ ඇති කරලා අහිංසක රෝගීන් අමාරුවේ දමන එක පාපයක්‌. මෙම වර්ජනය නිසා අසරණ වන රෝගීන්ට මා පිහිට වෙනවා. ඒනිසා මා වෙත එන්න මගේ රෝහල පැය 24 ම විවෘත කරලා තිබෙන්නේ.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment