ගයාන් චතුරිකා දරුවෙකු සමග කරන සෙල්ලම


පවුල් ප්‍රශ්නෙ සාධාරණ කරන්න
රූපවාහිනී නාලිකාවටත් එක්ක ඇවිත්
ගයාන් චතුරිකා දරුවෙකු සමග කරන සෙල්ලම

චතුරිකා පීරිස් රොෂාන් අතැර ගයාන් සොයායාම පරණ කතාවකි. දෙදරු පියෙකුවූ ගයාන් දරුවන් දෙන්නාට නඩත්තු නොගෙවීම නිසා හිටපු බිරිය අසරණවූ ආරංචිය දෙවනුව සිදුවිය.ආර්ථික අපහසුතා නිසා දරුවන් රකින්නට ඇය විදේශගතවූයේ පසුවයි.මේ අතරවාරයේ දරු දෙදෙනාගෙන් වැඩිමලා ගයාන් රැගෙනවිත් චතුරිකා සමග එක්ව ඇතිදැඩි කිරීම සිදුව තිබේ.
දරුවන් හෝ තමන් කෙරෙහි ආදරයක් නැතිවූ කෙනෙකු ලෝකයට පේන්නට
දැන් නාඩගමක් නටන්නේ යයි බිරිය විදේශයක සිට වීඩියෝවක් නිකුත් කළේ ඉන් පසුවයි. කෙසේ වෙතත් මෙම ‘අතිශය පුද්ගලික ගැටලුව‘ සමාජ ගත කිරීමේ උවමනාව ගයාන්ගේ බිරියට මෙන්ම ගයාන්ටද තිබීම නිසා අවුල්වූ පවුලේ සන්දර්ශනය දැන් ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය වලටද හොඳ මාතෘකා සපයා ඇත.

මේ කියන ‘දරුවෙකු සමග කරන සෙල්ලම‘ නිසා අහිංසක දරුවෙකුට නොදැනුවත්ව සිදුවන සමාජ හිංසනය සුළු පටු නොවේ.
පහත පළවන්නේ ගයාන් හා චතුරිකා තමන් ගැන එන අවලාද වළකාගන්නට පසුගියදා රූපවාහිනී නාලිකාවකට දරුවාද කැටුව ඇවිත් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවයි. ආලින්දයට දරුවාද කැටුව ඇවිත් පවුල් ප්‍රශ්න සාධාරණීකරණය කරන මේ අමුතු දසුන පහතින් නරඹන්න


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment