තෙවන එක්දින තරගයෙන් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට ජය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති තුන්වන එක්දින තරගය ලකුණු 70 කින් ශ්‍රී ලංකාව ජයගත් අතර ඒ සමග එක්දින තරගාවලිය ජය පරාජයෙන්එ තොරව
අවසන් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී

ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 280 ක් රැස් කලා.
කුසල් මෙන්ඩිස් 54 යි. තිසර පෙරේරා ලකුණු 52 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 44 යි පන්දු 3කදී සියලුදෙනා දැවී
ලබාගැනීමට හැකිවුයේ ලකුණු 210ක් පමණයි.
පන්දු යැවීමේදී සීක්කුගේ ප්‍රසන්න / දිල්රුවන් පෙරේරා / සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.
නුවන් කුලසේකර කඩුළු 4 යි.
තරගයේ වීරයා ලෙසට තිසර පෙරේරා සම්මාන ලැබුවා. තරගාවලියේ වීරයා වුයේ කුසල් මෙන්ඩිස්.
මෙම එක්දින තරගාවලියේ පළමු තරගයෙන් බංග්ලාදේශයට ජය හිමිවු අතර දෙවන තරගය වර්ෂාව
හේතුවෙන් අත්හැර දැමුනා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment