ඉන්දීය මිසයිල අත්හදා බැලීමක් නිසා ශ්‍රීලන්කන් ගුවන් ගමන් වෙනස් කෙරේ

ඉන්දීය රජය අද (27දා) උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා සිය නවතම මිසයිල අත්හදා බැලීමක් සිදුකරන බැවින්, තම ගිණිකොණ දිග ගුවන් කලාපය ඔස්සේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදුනොකරන ලෙස ඉන්දීය රජය තමන් වෙත නිවේදනය කර ඇතැයි කටුනායක ගුවන්තොටුපළ ගුවන්ගමන් පාලක මැදිරිය
සඳහන් කරයි.

මේ නිසා මෙම ගුවන් ගමන් කලාපය ඔස්සේ කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන්යානා තුනක ගමන් කටයුතු, ඒ අනුව දහවල් වනතුරු ප්‍රමාද කර තිබේ.

එනම් උදෑසන 7.20 ට ජාකර්තා බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්. – 364 යානයත්, උදෑසන  7.25ට සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්. – 302 යානයත්, උදෑසන 7.45ට ක්වාලාලම්පූර් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්.-314 යානයත් පිටත්ව යෑමට නියමිතව ඇත්තේ දහවල්  12.30 පමණය. මේ සියලු යානා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඒවා වේ.

එමෙන්ම හෙට (28දා) මෙවැනිම තවත් මිසයිල අත්හදා බැලීමක් එදින උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාලය තුළ ඉන්දියාවේ ගිණිකොණ දිග ගුවන් කලාපය ඔස්සේ සිදුකිරීමට බලාපොරොත්තු වන බැවින්, එදින මෙම කාලය තුළ මෙම ගුවන් කලාපය ඔස්සේ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවීම අත්හිටුවන ලෙසද ඉන්දීය රජය වැඩිදුරටත් දන්වා ඇතැයි කටුනායක ගුවන්ගමන් පාලක මැදිරිය ප්‍රකාශ කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment