ෆොන්සේකාගේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ වලට මුහුණදීමට ආරක්ෂක බලඇණියක්


නිරන්තරයෙන්ම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත්
ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා සමාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.
 ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය
රැස්වූ අවස්ථාවේ මේගැන දීර්ඝ සාකච්ඡාවක් ඇතිව තිබේ.එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද සිය එකඟතාව පළ කර තිබේ.
පසුගියදා මීතොටමුල්ල නායයාමත් සමග වෙනත් ස්ථානවලට කුණු බැහැරකිරීමට ගිය රජයේ සේවකයින්ට විවිධ ස්ථානවලදී විරෝධතා නිසා කරදරයන්ට ලක්වීමට සිදුවීමත් එම විරෝධතා සියලුම ස්ථානවල කරන ලද්දේ සංවිධානාත්මක එකම කල්ලියක් මගින් බවට බුද්ධි අංශ තොරතුරු වාර්තා කිරීමත් නිසා එවැනි බලපෑම් වලින් වැළකීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්චාවට ලක්ව ඇත.
ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට කටයුතු යෙදෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment