හෝකන්දර නිවසේ තරුණයා නිදාසිටි මෙට්ටය විමල්ටම භාරදෙයි




හෝකන්දර නිවසේ
තරුණයා නිදාසිටි
මෙට්ටය නැවත විමල්ට භාරදෙයි


පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කරමින් හෝකන්දර මංගල මාවතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ලබාගැනීම නිසා මියගිය ළහිරු ජනිත් දිසානායක තරුණයා ඒ ආකාරයට මියයන අවස්ථාවේ නිදා සිටි මෙට්ටය මේ දක්වා අධිකරණයේ නඩු භාණ්ඩයක් වශයෙන් පැවති අතර අද 26 ඒ සම්බන්ධයෙන් නඩු විභාගය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වූ අවස්ථාවේ
තවදුරටත් එම

මෙට්ටය පරීක්ෂණ සඳහා උවමනා නැති බව විනිසුරු තීරණය කර එය නැවත හිමිකරුවන්ට භාර දුණි.
කඩුවෙල මහේස්ත්‍රාත් දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ මේ නඩුව විමසූ අවස්ථාවේ මෙම තරුණයාගේ මරණය සම්බන්ධ වෛද්‍ය වාර්තා තවමත් පමා බව අනාවරණය විය.
පමාවට හේතු විමසීමේදී සිරුරේ කොටස් පිළිබඳ රස පරීක්ෂණ වාර්තාවෙන් පසුව තවත් විශේෂ පරීක්ෂණයක් සඳහා එම කොටස් යොමු කර ඇති බවත් ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල පමාවී ඇති බවත් හෙළි විය.
තවදුරටත් තරුණයා නිදාසිටි මෙට්ටය අධිකරණයේ තැබීම අවශ්‍ය නැති බව දන්වා සිටි විනිසුරු ඒවා අයිතිකාර විමල් වීරවංශට රැගෙන යන ලෙස දන්වා සිටි අතර එම මෙට්ටය තමා ලබාගෙන අයිතිකරුවන් වෙත යොමු කරන බව වීරවංශ පාර්ශ්වයේ නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත දන්වා සිටියේය.
ලබන ජුනි 28 දක්වා නඩුව කල් ගියේය.

තොරතුරු - අයිරංගි එදිරිසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment