නීති සහ අභ්‍යන්තර විගණන අංශ හිතවතාට දුන් නිසා විදුලි බල මණ්ඩල සභාපති අස්වෙයි


විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා පුනර්ජනනීය
බලශක්ති ඇමැති
රංජිත් සියඹලාපිටිය වෙත ඊයේ (26දා) භාරදී ඇති බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති අංශය සහ අභ්‍යන්තර විගණන අංශය මෙතෙක් කලක් ස්වාධීන ආයතන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා යටතේ ක්‍රියාත්මක වී තිබේ. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය එම අංශ සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කරන ලෙස මීට පෙර ඉල්ලීම් කර තිබූ බවත් ඊට ඇමැතිවරයා අනුමතය ලබාදීම සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවත් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සභාපති ලෙස ඩබ්ලිව්. බී. ගනේපොල මහතා ඇමැති සියඹලාපිටිය මහතා විසින් ඊයේ පත්කර තිබේ.

(හර්ෂනී අර්සකුලරත්න)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment