පර්පෙචුවල් ට්‍රෙෂරීස් FM නාලිකාව ඇරඹේ


පසුගිය කාලයේ වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ
ඉන්ටර්ග්‍රෙඩට් මීඩියා නෙට්වර්ක් (IMN) මගින් වෙනම අරඹන එෆ් එම් නාලිකාවේ පරීක්ෂණ විකාශය අද (3) සිට ආරම්භ කර ඇත.
රස එෆ් එම් නමින් නම් කර ඇති එහි පරීක්ෂණ විකාශය 99.5 හා 99.7 FM සංඛ්‍යාත ඔස්සේ අරඹා ඇත.
මෙම සංඛ්‍යාතයන් මින් ඉහත සීඑස්එන් මාධ්‍ය ජාලයට අයත්ව තිබූ දෙමළ රේඩියෝ නාලිකාවට අයත් වූ අතර පසුව ස්කයි නෙට්වර්ක් සමාගම නතුවී තිබුණි.
බැඳුම්කර ගනුදෙනුවකට සම්බන්ධවී වත්කම් උපයාගත් බව කියැවෙන පිරිසක් මගින් අරඹන ‘රස නාලිකාවේ‘ තේමා පාඨය
‘ඩීල් එකට වඩා ෆීල් එක රහයි‘ ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි.
මෙම නාලිකාවට අමතරව ‘ජනයුගය‘ ,‘සන්‘ හා ‘වීක්එන්ඩ්‘ පුවත්පත්ද මෙම ජාලය මගින් ඉදිරියේදී අරඹන අතර ‘නාලිකා අංක 4‘ නමින් රූපවාහිනී නාලිකාවක්ද අරඹන්නට මේ දිනවල සූදානම්ව සිටී. පුවත්පත සිංහල අවුරුද්දට පෙරද රූපවාහිනිය ජුනි මාසයේද අරඹන බවට වාර්තා පවතී.
‘සියත‘ මාධ්‍ය ජාලයද ඉදිරියේදී මෙම IMN මාධ්‍ය ජාලයට අන්තර්ග්‍රහණය වන්නට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment