ඕපනායක ඇඟලුම් ආයතන හිමිකාරිණියගේ සිරුර ආයතනය තුළදී හමුවේ


ඕපනායක  ප්‍රදේශයේ ඇඟලුම් වයාපාරයක් පවත්වාගෙන ගිය 60 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුර ඇය රාජකාරී කරන ඇඟලුම් ආයතනය තුළ තිබී හමුවීමේ සිද්ධියක් වාර්තාවේ. චන්ද්‍රා බ්‍රාහ්මණ නමැති මෙම කාන්තාව විවාහවී දරුවන් සිටින
අයෙකු වන නමුත්
දිගු කලෙක සිට සැමියා හා දරුවන්ගෙන් වෙන්වී තනිව නිවසක වාසය කර ඇති තැනැත්තියකි. ඇයගේ නිවස මිදැල්ලදෙණියේ පිහිටා තිබූ අතර බද්දට ලබාගත් ගොඩනැගිල්ලක ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන තිබුනේ ඕපනායක කෙලින් වීදියේය.
ඇය හමුවීමට වරින්වර ඇගේ දරුවෙකු වන ප්‍රසාද් කනත්තහේවගේ පැමිණෙන අතර ඇගේ නිවස වසා දමා තිබීමත් කඩ සාප්පුවේ දොරවල්ද වසා තිබීමත් ගැන සොයා බැලූ ඔහුට දවස් දෙකක් තිස්සේ ගෙදර හා කඩය යන දෙකම වසා ඇති බව අනාවරණය වූ අතර කඩ කාමරය පසුපස දොරක් කඩා විවෘත කරගෙන ගොස් බැලීමේදී තම මව වූ ව්‍යාපාරික කාන්තාව එහි බිම වැටී සිටින අයුරුත් සිරුරින් දුගඳක් හමන අයුරුත් නිරීක්ෂණය වී ඇත. පොලිසියට දන්වා පරීක්ෂා කිරීමේදී ඇය මියගොස් ටික දිනක් විය හැකි බවට සාක්ෂි ලැබිණි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment