රජය ඩොප්ලර් කාලගුණ අධිතාක්ෂණ යන්ත්‍රයක් නැවත මිලට ගන්නට සූදානම්

ව්‍යසනකාරි කාලගුණ සංසිද්ධීන් හදුනාගනිමින් නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරිමට කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරිමට අවශ්‍ය බව දන්වා ඇති අතර ඒ සදහා වු
යෝජනාවට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සදහා රුපියල් මිලියන 3,422ක් ප්‍රදානය කිරිමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහය පළ කර ඇති බව පැවසෙන අතර අදාළ ගිවිසුමට ඉදිරියේදී එළඹීමට නියමිත බව කියැවුණා.
මින් ඉහත 2011 වසරේදී ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවෙන් රුපියල් මිලියන 50 ක වියදමක් දරා මේ ආකාරයේම ඩොප්ලර් පද්ධතියක් මිලට ගෙන තිබුණ නමුත් එය ගොන්ගල පරිශ්‍රයේ පිහිටුවීමෙන් පසු තාක්ෂණික ප්‍රශ්නයක් ඇතැයි කියමින් එයින් මේ වනතුරු වැඩක්ගෙන තිබුනේ නැත. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ රූපවාහිනී විමර්ශන වැඩසටහන් පවා ප්‍රචාරය විණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment