වතුකරයට ගිය අගමැති මෝදි - මුරලිදරන්ව වර්ණනා කරයි


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හැටන් නොවුඩ් ක්‍රීඩාංගණයේදී වතුකරයේ ජනතාව අමතමින් වතුකරයේ ජනතාව ලෝකයේ පැරණිම භාෂාවක් කතා කරන බවත් එය ඔවුන්ට ආඩම්බර විය හැකි කරුණක්
බවත් දන්වා සිටියා.

"මෑත කාලයේදී ඔබ ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නෙකු බිහි කළා. ඒ මුත්තයියා මුරලිදරන්" යනුවෙන්ද වර්ණනාවක් ඔහු සිදු කළේය.
තමා ශ්‍රී ලංකාවේ දමිල ජනතාවගේ හැඟීම් ඉටු කිරිම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඉන්දියානු රජයට කළ හැකි උපරිමය සිදු කරන බවත් දන්වා සිටියේය.
දැනට නාගරිකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවය වතුකරයේ ජනතාවට සේවය ලබා ගැනිමට හැකිවන අයුරින් ව්‍යාප්ත කරන බවත් නිවාස ලබාදීමටද තවදුරටත් කටයුතු කරන බවත් දැන්වීය.
ශ්‍රී ලංකා රජය සමග එක්ව වසර පහක ක්‍රියාකාරී සැලැස්මක් යටතේ වතුකරය සංවර්ධනය වනු ඇතැයි ඔහු දැන්වීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment