ඊශ්‍රායලයේ 'චැනල් වන්'' රූපවාහිනී නාලිකාව වසා දමන තීරණය එම නිවේදිකාව අඩමින් කියූ හැටි

ඊශ්‍රායලයේ 'චැනල් වන්'' රූපවාහිනී නාලිකාව එරට ජනාධිපති බෙන්ජමින්
නෙතනියාහු පාර්ලිමේන්තුවේදී
ගනු ලැබූ විශේෂ තීරණයක් මත හදිසියේ වසා දමන අවස්ථාවේ එම රූපවාහිනී නාලිකාවේ සජීවී පුවත් විකාශය කියවූ නිවේදිකාව හැඩූ කඳුලින් එය දන්වා සිටියා.
"දැන් අපි බ්‍රේකින් නිව්ස් එකක් දන්වා සිටිමු. මෙය පාර්ලිමේන්තුව විසින් කළ ප්‍රකාශයක්. ඇත්තටම..අද රාත්‍රියේ විකාශය වන මේ වැඩසටහන තමයි අපේ අවසාන වැඩසටහන.මින් ඉදිරියට තිබෙන වැඩසටහන් මොනවාද කියා පැවසීම අනවශ්‍යයි.මේ කාලය පුරාම මෙහි වැඩ කළ සියලුම දෙනාට ස්තූති කරන්නට මට උවමනායි. මේ නාලිකාව මට මගේ ගෙදර වගේ වුණා. මට අසීරු කාල තිබුණා. නමුත් මගේ හොඳම කාලය තිබුණේත් මෙහි.බොහෝ දෙනෙකුට රැකියා නැතිවෙන්න නියමිතයි. ඔවුන්ට අලුත් රැකියා සොයාගන්න ලැබේවි කියා මම ප්‍රාර්ථනා කරනවා.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment