ගෝල්ෆේස් එකට ආවේ -බත්පැකට් සෙනග - ෆොන්සේකා

ආණ්ඩුවෙන් ගහන්න පුළුවන් හැමදේම දාලා රාජපක්ෂලාට ගැහුවත් මැයි දිනයේදී විශාල සෙනඟක් ගොල්ෆේස් එකට ආවා. තවම රාජපක්ෂලාව ජනතාව පිළිගන්නවා නේද?

ගෝල්ෆේස් එකේ

වේදිකාව ගහලා තිබ්බේ විශාල ප්‍රදේශයක් අත ඇරලා. එතන කැම්බල් පාර්ක් එකවගේ හතර ගුණයක් ලොකුයි. වේදිකාවයි ඉස්සරහා තියෙන වැටයි ගත්තහම තවත් කැම්බල් පාර්ක් එක වගේ ප්‍රදේශයක් අත්ඇරලා එතනින් එහාට ගොල්ෆේස් එකේ තනි තීරුවක්නේ තියෙන්නේ. ඒකේ 50,000ක් විතර හිටියා. ඒක පිළිගන්නවා. පනස්දහසක් ගේන්න බැරි නෑ. එගොල්ලන්ගේ බඩගෝස්තරවාදී පළාත් සභා පළාත් පාලන මට්ටමේ අනෙක් දූෂිත බත්පැකට් එකට වැඩකරන පිරිසක් ඉන්නවා. ඒ නිසයි ඔය පක්ෂ හදන්නේ. දැන් එයාලට තිබ්බ සුඛෝපභෝගි ජීවිත නැතිවෙච්ච නිසයි මේ. ඒ නිසා අපි රාජපක්ෂ ප්‍රබලයෙක් කියලා හිතන්නේ නෑ.


(ගයාන් ගාල්ලගේ -දේශය)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment