කප්පම් ගන්න හැදූ ගම්පොළ තරුණයාගේ රහස හෙළිවේ දරුවා මඩකලපුවෙන් හමුවේ


සොයුරියගේ දරුවා රැගෙන
තමන්ද අතුරුදන්වී කප්පම් ගන්න හැදූ

ගම්පොළ තරුණයාගේ රහස හෙළිවේ
දරුවා මඩකලපුවෙන් හමුවේ

පසුගිය 3 වනදා ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අවුරුදු 2 මාස 8 ක් වන පිරිමි දරුවෙකු සහ එම දරුවාගේ මවගේ සොයුරා (මාමා) වන 23 හැවිරිදි තරුණයෙකු හදිසියේ අතුරුදන්වීම හා පසුව කප්පම් ඇමතුම් ලැබීම නිසා ආන්දෝලනයක් හටගත්තා.
ගම්පොළ ප්‍රදේශයේ මෙම ව්‍යාපාරිකයාගේ නිවස අසළම මීටර 50 ක් දුරින් ඔවුනගේ වෙළෙඳ සැල පිහිටා තිබෙන අතර දවල් ආහාරය රැගෙන දරුවාද සමග මාමා නිවසේ සිට වෙළෙඳ සැලට ගිය
අතරවාරයේ මෙම දෙදෙනාම අතුරුදන්වී තිබුණි.

පසුව මාමාගේ දුරකතන අංකයෙන් ව්‍යාපාරිකයාට වෙනත් කෙනෙකු කථා කර දන්වා තිබුනේ මිලියන 3 ක මුදලක් දෙන්නේ නම් මෙම දෙදෙනාව මුදාහරින කතාවකි. පසුව වරින්වර ඇමතුම් ලබාදී එම මුදල් අගය මිලියනය දක්වා අඩුකර තිබුණි.
මේ අතරවාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණද ඇරඹී තිබුණි.
මේ අතර අද (6) උදෑසන මෙම අතුරුදන් බව කියන තරුණයා නිදහස්වී නිවසට පැමිණි අතර ඔහු සමග දරුවා ආවේ නැත. තමා දරුවා සමග ගාල්ල ප්‍රදේශයේ නිවසක රඳවා තිබුණ බවත් දරුවාව මුදාහැරීමට මුදල් ඉල්ලන බවත් තමාව පමණක් මහනුවරට ගෙනවිත් දමා නිදහස් කළ බවත් තරුණයා පොලිසියට දන්වා තිබුණි.
තරුණයා සම්බන්ධයෙන් ලැබී තිබුණ තොරතුරු සහ ඔහු මේ කතාව ගොතා කියන්නක් බවට වැටහුණ ඉව ඔස්සේ අද දහවල් පොලිසිය තරුණයාව තවදුරටත් ප්‍රශ්න කිරීම් වලට භාජනය කළේ ඔහු ගැන සැකයක් මතුවූ නිසාය.
ඒ අනුව පොලිසිය දිගින් දිගටම විමසීමේදී තරුණයා ඇත්ත කියූ අතර තමා මෙම කප්පම් සිද්ධිය මෙහෙයවා දරුවාව මඩකලපුවේ නිවසක සඟවා මුදල් ලබාගැනීමේ මෙහෙයුමක් දියත් කළ බව දන්වා සිටින ලදි.
ඒ අනුව ඔහුගේ තොරතුරු ඔස්සේ පැහැරගත් කුඩා දරුවා මඩකලපුව, කරඩියනාරු ප්‍රදේශයේදී අද සවස සොයාගනු ලැබිණි.
කරඩියනාරු පොලිස් වසමට අයත් උරුකාමම් ප්‍රදේශයේ මවක සහ දියණියක වාසය කරන නිවසක මෙම දරුවා රඳවා සිටියදී පොලිසිය විසින් බේරාගන්නා ලදි.
දරුවා පැහැරගෙනයාම සැලසුම් කළ තරුණයාද මඩකලපු නිවසේ මව හා දියණියද පොලිස් අත්අඩංගුවට පත්විය.
 සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරන අතර අත්අඩංගුවට පත් අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සැලසුම සිදු කළ අබ්දුල් රහීම් මොහොමඩ් නමැති තරුණයා මානසික ආබාධයකින් පෙළෙන බවටද තොරතුරු ලැබී ඇති අතර ඔහු එම රෝගය වෙනුවෙන් මහනුවර මහ රෝහලේ සායනයකට යාමට පහසුවනු පිණිස සිය සොයුරියගේ නිවසට පැමිණි අවස්ථාවක ඇගේ දරුවා පැහැරගෙන මෙම නාටකය රඟ දක්වනු ලැබුවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment