හැමෝටම දෙන්න මුදල් වෙන් කළත් ටැබ් දෙන්නේ තෝරගත් පාසල් වලට විතරලු


ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකින් තෝරා ගන්නා එක්‌ පාසලක උසස්‌ පෙළ සිසුන්ට, උසස්‌ පෙළ ගුරුවරුන්ට
හා. විදුහල්පතිවරයාට පමණක්‌
ටැබ් පරිගණකය බැගින් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම පාසල් තෝරා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර උසස්‌ පෙළ පන්ති ආරම්භයට පෙර ටැබ් පරිගණක ලබාදීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
පසුගිය අයවැයේදී ආණ්‌ඩුව යෝජනා කළේ මෙම වසරේදී උසස්‌ පෙළට ඇතුළත් වන සියලුම සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණකයක්‌ ලබාදීමටය. ඒ සඳහා රුපියල් දශලක්‍ෂ පන්දහසක්‌ ද වෙන්කර තිබිණි.
එහෙත් මුලින්ම නියමු ව්‍යාපෘතියක්‌ ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකින් පාසලක්‌ බැගින් තෝරාගෙන ටැබ් පරිගණක ලබාදීමේ තීරණයට අමාත්‍යාංශය පැමිණ ඇත. එහි සාර්ථකත්වය මත ඉදිරියේදී සියලු උසස්‌ පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට තීරණය කරන බව අමාත්‍යාංශය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment