අවුරුදු තුනයි මාස හතරේ දැරිය බනිස් කෑල්ලක් උගුරේ හිරවී මරුට

බනිස් කැබැල්ලක් උගුරේ සිර වී කුඩා දැරියක මිය යාමේ සංවේදී පුවතක් ඊයේ හලාවත මැල්මුර ප්‍රදේශයෙන් වාර්තා විය.

 මව විසින් ආහාර ලබා දෙන අවස්ථාවේ දැරියගේ උගුරේ බනිස් කැබැල්ල සිරවී තිබේ.
පසුව දැරිය හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත් විය.
හලාවත හදිසි මරණ පරික්ෂක එස්.එම්. ජවුෆර් මහතා සඳහන් කළේ, ස්වසන පද්ධතියේ ආහාර සිරවීමෙන් ඇති වූ අවහිරතාවක් හේතුවෙන් මරණය සිදුව ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, අවුරුදු 3 යි මාස 4ක් වයසැති පවුලේ එකම දරුවා ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment