ආදම්ස් පීක් මකමින් ජාතීවාදී වැඩ කළ නිසා සිරිපාදේ යාම අවාරේ රෑට තහනම්


අවාරයේ රාත‍්‍රී කාලයේ ශ‍්‍රී පාදය කරුණාකිරීම තහනම් කරන බව ශ‍්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් දන්වා සිටී.
ඉකුත් වසරේ අවාර සමයේදී ශ‍්‍රී පාදය කරුණාකර ඇතැම් පිරිස් බුදුදහමට අගෞරව වන ආකාරයෙන් හැසිරීම මෙම තහනමට හේතුව
බව දන්වා ඇත.
පසුගිය වසරේ ආදම්ස් පීක් යනුවෙන් තිබුණ පුවරු මකමින් විවිධ දේ සටහන් තබමින් ජාතීන් අතර අසමගිය ඇති කෙරෙන පරමාර්තයෙන් කටයුතු කරතීබීම මෙම තීරණයට හේතුවී ඇති බව වාර්තාවේ.
2016 - 2017 ශ‍්‍රී පාද වන්දනාවාරය ලබන වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වන අතර අවාරය ඉන් පසු ඇරඹේ.ෙ
අවාරයේ දිවා කාලයේදී කිසියම් වන්දනා නඩයක් ශ‍්‍රී පාදය කරුණා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නල්ලතණ්නිය පොලිසිය දැනුවත් කළ යුතු බව නායක හිමිපාණන් දන්වා සිටියා.

තමන් වහන්සේ ඉලක්ක කර ගනිමින් ඉකුත් සමයේදී ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ විවිධ අසත්‍ය මඩ ප‍්‍රචාරද දියත්වූ බව පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් මතක් කර සිටියා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment