ගිනස් නත්තල් ගහ හැදූ අර්ජුන ගෝලයන්ගෙන් ලේසර් වෙසක් තොරණක්

මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ගාලු මුවදොර පිටිය සහ
වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින් කොළොම්තොට වෙසක් කලාපය,  ඇමති අර්ජුනගේ වරාය සහ නාවික අමාත්‍යාංශය මුල්වී සංවිධානය කරන අතර එහිදී
ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණක්ද නිර්මාණය කර ඇති බව කියැවේ.
එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ,ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය.
මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10 ) එනම් වෙසක් පුන්පොහෝ දින සවස 7 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරේ. එම තොරණ 14වැනිදා දක්වා මහජන ප්‍ර‍දර්ශනයට විවෘතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment