මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක නවලෝකේ බිල ගෙවන්න ජනතා ආධාර පතයි


මියගිය ප්‍රින්ස්ගේ ලක්ෂ 25 ක
නවලෝකේ බිල ගෙවන්න
ජනතා ආධාර පතයි


ඊයේ අප අතරින් සමුගත් ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මරණයට පත්වන අවස්ථාව වනවිට රෝහල් බිල රුපියල් 2500000 පමණ වී තිබෙන අතර මෘත ශරීරය පවුලේ අය විසින් නිදහස් කරගෙන තිබෙන්නේ මාසයක් ඇතුළත එය පියවන බවට නවලෝක රෝහල් අධිකාරිය ලිඛිතව පොරොන්දු කරගෙනය.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම
සඳහා ලක්ෂ 25 ක

බිල් පතක් රෝහලට ගෙවීමට ඔහුගේ සොයුරියට දැන් ඉතා අපහසු තත්වයක් පවතින බවත් ඒ සඳහා උපකාර අවශ්‍ය බවත් ගායක ගායිකා සංගමයේ සභාපති ගායක කීර්ති පැස්කුවල් සිය ෆේස් බුක් පිටුවේ සඳහනක් කරමින් දන්වා ඇත.

වසර දෙකක කාලයක් තුල  ප්‍රින්ස්ගේ සො‌යුරිය ලක්ෂ 125ක් පමණ රෝහල් ගාස්තු සඳහා වියදම් කරේ ඉඩකඩම් විකිණීමෙන් සහ මහජන පරිත්‍යාගයන් වලින් බව සිහිපත් කරන කීර්ති
මියයන්නට පෙර අවසන් බේත් වේල පවා ෆාමසියට ගොස් ගන්න උත්සාහ කරද්දී මුදල් නොමැතිව අසරණවී ඇති බවත් කළමණාකරුවෙකුගේ  මැදහත්වීම නිසා ඇයට ප්‍රින්ස් වෙනුවෙන් අවසන් බෙහෙත් වේල ලැබුණ බවත් පවසා ඇත.
මේ නිසා ඇයට උපකාර කරන ලෙස ඉල්ලමින් කීර්ති ඇගේ බැංකු ගිනුම් අංක සමග මේ ගැන දන්වා ඇත්තේ පහත පරිදිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment