ගෑස් මිල රුපියල් 50කින් ඉහළ යන ලකුණු

ගෑස් මිල රුපියල් 50කින් ඉහළ නැංවීමට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා
රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඒ 'ලිට්රෝ' ගෑස් සමාගම පාඩු ලබන බව කරුණු දක්වමිනි.
වත්මන් රජයේ දින 100 ආණ්ඩුව ගෘහස්ථ ගෑස් මිල අඩු කළ අතර ඊට පසුවද තවත් රුපියල් 50කින් ගෑස් මිල අඩු කෙළේය. කිලෝ ග්‍රෑම් 12 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1,346කි.මෙම තත්වයන් මත ලිට්රෝ සමාගම මේ වනවිට පාඩු ලබන තත්වයට පත්ව ඇතැයිද ඔවුන්ට සහනයක් ලබාදීම ගැන සලකන්නැයිද ඇමතිවරයා ඉල්ලා ඇත. ඒ අනුව නුදුරේදීම ගෑස් මිල තවත් රුපියල් 50 කින් බහළ යන කරුණු පහළවී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment