ගයන්තගේ කෙසෙල් ගෙඩි ෆොටෝ එක හැදූ මාතර කොලුවා සීඅයිඩීයට

ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදීමට සකස් කළා යැයි හැඟවෙන පරිදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ දුරකතන අංකය ගැසූ කෙසෙල් ගෙඩි බහාලු පාර්සලයක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ පුද්ගලයා ලෙස හෙළිදරව් කරගෙන ඇති අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටින ලෙසට
දන්වා තිබේ.
තමන්ගේ කීර්ති නාමයට කැළලක් වූ බවට සඳහන් කරමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙම කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රථමව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ මාතර ප්‍රදේශයේ තැනැත්තකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව ඔහුට කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙසට දැන්වූ බවද උසස් පොලිස් නිලධාරියකු "මව්බිම"ට පැවසීය.
එම දැනුම්දීමට අනුව ඔහු ලබන ජුනි 28න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවද නීතිඥවරයකු මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතැයිද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

(චාමර අමරසූරිය - මව්බිම)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment