ප්ලාස්ටික් සහල් සම්පූර්ණ කතාවම කෙප්පයක් බව හෙළිවේ


ප්ලාස්ටික් සහල් සම්පූර්ණ කතාවම 
කෙප්පයක් බව හෙළිවේ

ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ පරීක්ෂණවල දී මෙරට කිසිඳු ප‍්‍රදේශයකින් එවැනි කෘත්‍රිම සහල් වර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන අතර එම පුවත නිර්මාණය කර පතුරුවාහරින ලද්දක් බවත්
ප්ලාස්ටික් සහල් ගැන සමාජ ජාලවල විස්තර පළ කල පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රහස් පොලිසියට දැනුම් දුන් බවත් පාරිභෝගික අධිකාරිය
පවසයි.
එහි තොරතුරු අංශයේ අධ්‍යක්‍ෂිකා චන්ද්‍රිකා තිලකරත්න සඳහන් කළේ සහල් පර්යේෂණ ආයතනය හා කාර්මික තාක්ෂණ ආයතනය මගින් අදාළ පරීක්ෂණ සිදු කළ බවයි.
මේ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලවල විමර්ශන නිලධාරීන් මාර්ගයෙන් ලබා ගත් සහල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලබා දී විශේෂ විද්‍යාගාර පරීක්ෂණයකට බඳුන් කර  තිබේ.
එහිදී ලබා ගත් වාර්තාවලට අනුව පරීක්ෂාවට බඳුන් කළ කිසිඳු සහල් සාම්පලයක ප්ලාස්ටික් අඩංගු නොවන බවට තහවුරු වී ඇති බව ද සදහන්ය.
ඒ අනුව සහල් සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි පරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පාරිභෝගිකයින්ගෙන් පසුගිය දිනවලදී ලැබී තිබුණු පැමිණිළිවලට අනුව ලංකා සතොස ඇතුළු අලෙවිසැල් බොහොමයකින් මෙම සහල් සාම්පල ලබා ගෙන තිබෙයි.
ප්ලාස්ටික් සහල් ගැන සමාජ ජාලවල විස්තර පළ කර ඇත්තේ කිසියම් පිරිසකගේ උවමනාවට විය හැකි බැවින් එම පුද්ගලයින් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රහස් පොලිසියට දැනුම් දුන් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment