පාකිස්තානු ජයග්‍රහණය ඉන්දියානු පුවත්පත් අවතක්සේරු කරයි


පාකිස්තානු ජයග්‍රහණය 
ඉන්දියානු පුවත්පත් අවතක්සේරු කරයි

ඊයේ ඉන්දියාව හා පකිස්තානය අතර පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහ තරගයේදී පාකිස්තානය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය අද (19) ඉන්දියාවේ පළවූ පුවත්පත් බොහොමයක් අවතක්සේරු කර වාර්තා පළ කර තිබේ.
ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින නොනිමෙන ජාතික ගැටලුව පාදක කරගෙන දිගු කලෙක පටන් වෛරය පදනම් කරගත් වෙන්වීමක් ඇති නිසා මේ දෙරට අතර නිරන්තරයෙන්ම ගැටුම් පවතින පසුබිමක මෙම ක්‍රිකට් ජය පාකිස්තානය නතු කරගැනීම ඉන්දියානුවන්ට උහුලන්නට අපහසු තත්වයකි.
මේ නිසාදෝ අද ඉන්දියාවේ පළවූ
ජාතික පුවත්පත් 5 කම මුල් පිටුවල මෙම ජයග්‍රහණය වාර්තා කිරීම අසාමාන්‍ය ආකාරයට සිදු කර තිබේ.

සුප්‍රකට ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ පුවත්පතේ මුල්පිටුවේ ඉහළින්ම වාර්තා කර ඇත්තේ ඊයේ ඉන්දියානු හොකී කණ්ඩායමක් පාකිස්තානු හොකී කණ්ඩායමක් පරදා ලබාගත් ජයග්‍රහණයක් ගැන ඡායාරූප සහිත විස්තරයකි.
මුල්පිටුවේ ක්‍රිකට් පරාජය ගැන වචනයක් හෝ නැති අතර ඇතුළත ක්‍රීඩා පිටුවේ දැක්වෙන්නේ අනපේක්ෂිත ජයක් පාකිස්තානය උරුමකරගත් කතාවකි.
මේ ආකාරයටම ‘ඩීඑන් ඒ - ඩෙිලි නිවුස් ඇනලිසිස්‘ හා ‘ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පත් හොකී ජය ගැන පමණක් මුල් පිටුවේ විස්තර කර තිබුණි. ඊයේ ක්‍රිකට් තරගයක් තිබුනාදවත් කියා පාඨකයින්ට හැඟවීමක් කර නැත.
ඉන්දියාවේ පළවන ‘ඩෙකෑන් ක්‍රොනිකල්‘ පුවත්පතද සිය මුල්පිටුවේ මෙකී හොකී ජය ගැන උඩින්ද ක්‍රිකට් පරාජය ගැන කෙටියෙන් පහතින්ද විස්තර පළකර තිබුණි.
‘ද හින්දු‘ පුවත්පත මුල්පිටුවේ ඊයේ තරගයේ ශතකයක් ලබාගත් පාකිස්තානු ක්‍රීඩකයාගේ ඡායාරූපයක් පමණක් පළකර තිබෙන නමුත් ඉන්දියාව පරාජය වූ ආකාරය ගැන සටහනක් නොකර ක්‍රීඩා පිටුවේ වැඩිවිස්තර තිබෙන බව පමණක් පවසා තිබිණි.
ඒම මුල් පිටු පහතින්
--------
ඉන්දියානු හොකී කණ්ඩායමක් පාකිස්තානු හොකී කණ්ඩායමක් පරදා ලබාගත් ජයග්‍රහණය පමණක් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘වාර්තා කළ හැටි



 ----------------------
ඉන්දියානු හොකී ජයග්‍රහණය පමණක්  ‘ඩීඑන් ඒ - ඩෙිලි නිවුස් ඇනලිසිස්‘ වාර්තා කළ හැටි
 ----------------------
‘ඩෙකෑන් ක්‍රොනිකල්‘ පුවත්පත සිය මුල්පිටුවේ මෙකී හොකී ජය ගැන උඩින්ද ක්‍රිකට් පරාජය ගැන කෙටියෙන් පහතින්ද විස්තර පළකරඅැත.
 -----
‘ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පත හොකී ජය ගැන පමණක් මුල් පිටුවේ විස්තර කර තිබුණි
‘ද හින්දු‘ පුවත්පත මුල්පිටුවේ ඊයේ තරගයේ ශතකයක් ලබාගත් පාකිස්තානු ක්‍රීඩකයාගේ ඡායාරූපයක් පමණක් පළකර තිබෙන නමුත් ඉන්දියාව පරාජය වූ ආකාරය ගැන සටහනක් නොකර ක්‍රීඩා පිටුවේ වැඩිවිස්තර තිබෙන බව පමණක් පවසා අැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment