ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුතු ඔසඳ යාපාට වරෙන්තු


රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත්
අධිකරණය අද
වරෙන්තු නිකුත් කළා.
2016 වසරේ දෙසැම්බර් මාසයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කළ ඔහු අධිකරණය මගහැරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කෙරුණා.
විහාර මහදේවි උද්‍යානය ආසන්නයේදී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථයක් පදවමින් යතුරුපැදිකරුවකු අනතුරකට පත් කළ ඔහු ඒ දිනවල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබූ අතර ලක්ෂය බැගින්වූ ඇප දෙකක් මත අධිකරණයෙන් ඇප ලබා තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment