පකිස්තානය මැච් එක දිනූවත් දඩයකට ලක්වෙයි


ශ්‍රී ලංකාව සමඟ ඊයේ(12) පැවති තරගයේ දී නියමිත පන්දුවාර ගණන නියමිත කාලය තුළ යවා අවසන්
නොකිරීම නිසා පකිස්තාන
කණ්ඩායමට දඩ නියම කර තිබේ.
නියමිත කාලය තුළ ඔවුන් යවා අවසන් කර තිබුණේ පන්දුවාර 49ක් පමණි.
ඒ අනුව පකිස්තාන කණ්ඩායමේ නායකත්වය දැරූ සප්‍රාස් අහමඩ්ට, ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට විස්සක් ද, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට දහයක් ද දඩ ලෙස නියම කර ඇත.
සප්‍රාස් අහමඩ් සිය කණ්ඩායම වෙනුවෙන් මෙම වරද සහ දඬුවම පිළිගෙන ඇති බව වාර්තා වේ.
අයි සී සී රෙගුලාසිවලට අනුව මෙම තරගාවලිය තුළ නැවත වරක් පකිස්තාන කණ්ඩායම මෙම වරද සිදු කළහොත් නායක සප්‍රාස් අහමඩ්ට එක් තරගයක් සඳහා තරග තහනමක් ද පැනවෙනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment