එජා මහ ලේකම්ගේ තරුණ නියෝජිතවරිය ලෙස ලංකාවේ ජයත්මා තේරිලා


එක්සත් ජාතීන්ගේ  මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නව නියෝජිතවරිය ලෙස
ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පත්කර ඇති බව
වාර්තාවේ.මින් පෙර එම පදවිය ජෝර්දානයේ කෙනෙකුට හිමිව තිබිණි.
ජාත්‍යන්තර මට්ටමින් ගෝලීය තරුණ ව්‍යාපාර අවස්ථා කිහිපයකදීම  නියෝජනය කර ඇති ජයත්මා තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන චරිතයකි.
මේ වනවිට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරිනියක ලෙස කටයුතු කරන ඇය 2016 සිට 2017 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලේකම්වරිය ලෙස ද කටයුතු කර තිබුණි.
2014 වසරේදී පැවති ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර තරුණ බලකායේ නායිකාවක ලෙසද කටයුතු කළාය.
  27 හැවිරිදි වියේ පසුවන අැය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියකි. අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment